Saturday, April 6, 2013

මගේ පාළුපැලට එන්න කවුරුත් නෑ යාළුවේ....!

පාළුව,සාංකාව,තනිකම යනාදී වචන මිනිසා දන්නා භයානකම වචන විය හැක. තනිකම් දෝසය නම්න් දෝෂයක් ඇත්තේ ඒ නිසාම වෙන්නැති.
ඒ තරමට මිනිස්සු වන අපට තනිවීම දුකකි.

සල්ලි ,බලය,නම්බුව,කීර්තිය තිබේනම් ඔබ කිසිදා තනි නොවෙයි. නමුත් ඒවා නැති තැන ඔබට ඇත්තේ තනිකම හා අත්හැර්  දැමීමක් පමනි.
ඉහතකී දේ නැත් තැනැත්තාට ආදරයක්ද ලැබෙන්නේ නැත.

මා මේ කියන්දේ බහුතර සත්‍යයකි.

"සැප සම්පත් යසිසුරු හමුවේ නෑ සිය මිතුරන් ළංවේ.....දිළිඳුව පැරදුනු දිනයේ.
                                                                 මගේ තනියට මා පමනයි..."

විජය කුමරණතුංගයන් ඔහුගේ එක් ගීයක එසේ සඳහන් කළා.
අටලෝදහමින් පිරුනු ලෝකයේ දුක වේදනාව නින්දා අයස යනු තවත් කටුක ධර්මතාවන් ම වේ.
එක අතකින් එසේ තනිවීම නිසාම බැඳීම් වලින් යම්තාක් දුරකට හෝ නිදහස් වේ.

අවසානයේදි තනිවීම හා සියල්ල නැතිවීම විමුක්තියේ පළමු දොර ඇරීමක් යැයි මට සිතේ.

ඔබට ඔබවත් ,මට මාවත්,අපට අපවත් නැත.ඇත්තේ තනිකමින් පිරුනු හිස් අවකාෂයකි.
ව්ශ්වය වනාහි ඇත්තෙන්ම සෑහෙන හුදෙකලා අඳුරු ශෝකී තැනකි.මිනිස් සිතද එසේමය.

3 comments:

  1. ඒත් මේ ලෝකයේ කළ්‍යාණ මිත්‍රයන් කියා කොටසකුත් ඉන්නවා.අපි ලෝකයට දෙන මිත්‍රත්වයේ ප්‍රමාණයට ලෝකයත් අපිට මිත්‍රත්වය ලබා දේවි!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මගෙ මිත්‍රත්වය මදි වෙන්නැති කියලද වර්ෂා?

      Delete
    2. හපොයි එහෙම නොවෙයි...!! සමහර වෙලාවට අපි කොයි තරම් දුන්නත් අපිට ලෝකය දෙන්නෑ.ඒත් ජීවිතේ අපි කරපු කර්ම අනුව අපිට සමහර වෙලාවට ඉතාම හොද කළ්‍යාණ මිත්‍රයන්ව මුණ ගැහෙනව.

      Delete