Tuesday, January 30, 2018

පාලු අදුරු කුටියක සිට ලියමි...

මොනා ලියන්නද මම...

මුලු විශ්වයම මාත් එක්ක තරහ වෙලා..
කරන හැමදේම වැරදිලා
ආදරය මගෙ ජීව්තයෙන් ඈත් වෙලා..
සතුට පේන තෙක් මානෙකවත් නෑ
හිතේ අමාරුවට බීපු අරක්කු මගෙ ඇඟ ලෙඩ කරලා
දැන් බොන්නත් බෑ
නොබී ඉන්නත් බෑ
බිව්ව කියල හිත හැදෙන්නෙත් නෑ...

දැන් බිව්වට දැනෙන්නෙත් නෑ
දුක තවදුරටත් මට දැනෙන්නෙත් නෑ

මං ජීවත් වෙනව කියල මට දැනෙන්නෙ නෑ

මං මැරිලද...?

Tuesday, April 9, 2013

ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ...

 ( 2013 අප්‍රේල් 3 සවස 3.47 ට පල කළ මෙම ලිපිය අත්වැරදීමකින් මැකී ගියේය. Google cache එකේ තිබී සොයාගත් මෙය නැවත පළකිරීමකි. )

මම මේ ගීතය ගැන විචාරයක් ලියන්න හදනවා නෙමෙයි. ඒත් මේ ගීය මම කියනදේට සම්බන්දයි.
මේ ගීතය ගැන එක එක දේවල් කිව්වට මට හිතෙන්නෙ මෙයින් කියවෙන්නෙ,මතෲ භාර්‍යාවක් එහෙම නැත්තම් අම්ම කෙනෙක් වගෙ තමන්ට ආදරෙ කරන පෙම්වතියක් ගැන.ගීත රචකයගෙ  හිතේ තිබුනෙත් ඒක වෙන්නැති.
ගොඩක් ගීත වල "මට ඔයා මගෙ පන වගෙ,ඔයාගෙ ආදරේ මහ සාගරේ වගේ,රෝස මලක් වගේ" කියද්දි ඇයි මේ ගීතයෙදි

         "ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ... "

කියල කිව්වෙ? මේ වචනවල තියෙන්නෙ කෙලින්ම සැබෑ ආදරය සෙනෙහස.70 දශකයෙ මිනිස්සු ආදරය දැකපු උතුම් විදිය.
ඇතෙකුට තමාගෙ දළ දෙක ආභරණයක්,ආඩම්බරයක්,ආරක්ෂාවක්.
ඔබේ ප්‍රේමය මට ආඩම්බරයක්,ආරක්ෂාවක්.
එය කොයිතරම් උතුම් සහ විශිෂ්ඨ සංකල්පනාවක්ද.
මේ ගීය පුරාවට තියෙන්නෙ



 ඒ වගෙ පරාර්ථකාමි ආදරයක් ගැන.ඒ වගේ ආදරයක් ලබන්න මනුස්සයෙක් මං හිතන විදිහට පිං කරල තියෙන්න ඕනා. මේ ගීතය අහනකොට තේරුම තේරෙනකොට හිතෙනව අපි ආදරෙ කියල හිතගෙන ඉන්නෙ කොයි තරම් පුහු බොළඳ විදියටද කියල. ගීතයේ අන්තිම මෙන්න මෙහෙම ආදරවන්තයා තමන්ගෙ අම්ම වගෙ ස්නේහයෙන් ඉන්න ආදරවන්තියගෙන් අහනව., ""පෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරනා....? "" ඔබටත් ඒ මෛත්‍රියෙන් පිරුනු සැබෑ ආදරය මුනගැසේවා..!

( මෙම ප්‍රතිචාරය එදින පළවූවකි. )



Saturday, April 6, 2013

මගේ පාළුපැලට එන්න කවුරුත් නෑ යාළුවේ....!

පාළුව,සාංකාව,තනිකම යනාදී වචන මිනිසා දන්නා භයානකම වචන විය හැක. තනිකම් දෝසය නම්න් දෝෂයක් ඇත්තේ ඒ නිසාම වෙන්නැති.
ඒ තරමට මිනිස්සු වන අපට තනිවීම දුකකි.

සල්ලි ,බලය,නම්බුව,කීර්තිය තිබේනම් ඔබ කිසිදා තනි නොවෙයි. නමුත් ඒවා නැති තැන ඔබට ඇත්තේ තනිකම හා අත්හැර්  දැමීමක් පමනි.
ඉහතකී දේ නැත් තැනැත්තාට ආදරයක්ද ලැබෙන්නේ නැත.

මා මේ කියන්දේ බහුතර සත්‍යයකි.

"සැප සම්පත් යසිසුරු හමුවේ නෑ සිය මිතුරන් ළංවේ.....දිළිඳුව පැරදුනු දිනයේ.
                                                                 මගේ තනියට මා පමනයි..."

විජය කුමරණතුංගයන් ඔහුගේ එක් ගීයක එසේ සඳහන් කළා.
අටලෝදහමින් පිරුනු ලෝකයේ දුක වේදනාව නින්දා අයස යනු තවත් කටුක ධර්මතාවන් ම වේ.
එක අතකින් එසේ තනිවීම නිසාම බැඳීම් වලින් යම්තාක් දුරකට හෝ නිදහස් වේ.

අවසානයේදි තනිවීම හා සියල්ල නැතිවීම විමුක්තියේ පළමු දොර ඇරීමක් යැයි මට සිතේ.

ඔබට ඔබවත් ,මට මාවත්,අපට අපවත් නැත.ඇත්තේ තනිකමින් පිරුනු හිස් අවකාෂයකි.
ව්ශ්වය වනාහි ඇත්තෙන්ම සෑහෙන හුදෙකලා අඳුරු ශෝකී තැනකි.මිනිස් සිතද එසේමය.

Saturday, March 30, 2013

පාන්දර 1:35 ට හිතුනු දේවල්.,

දැන් හොඳටම වහිනව.....
බ්ලොග් එකක් ලියන්න හිතුනා...

නිදියන්න තව වෙලත් තියෙනව.ඇඳට ආවම ජනේලෙන් අහස පේනව.වැස්ස පේන්නැති උනත් සද්දෙ  ඇහෙනව.
පොඩි කාලෙ ඉඳන්ම ඒ සද්දෙට ම๬ කැමතියි.

",,,මහ වැස්සකපෙර නිමිති පෙනෙනවා. කවුළුව අතරින් හිරිපොද එනව..."     මට එක පාරට මතක් උනා.  මේ වෙලාවට මට හිතෙනව ජීවිතේ හරිම අව්නිශ්චිතයි නේද කියල.
ඒක මේ වැස්සත් එක්ක වැඩිවෙන හැඟීමක්... අර කවුද කියල තියෙනවනෙ....,

          "ජීවිතය යනු කුනාටුව එනතෙක් බලා සිටීම නොව වැස්සේ නැටීමයි.."     කියල.


ඒත් නටන්න තරම් හිතක් නෑ මට.        හම්ම්..  මගේ සුපුරුදු මිත්‍රයා 'ඇල්කොහොල්' ලඟ හිටියනම්.
නමුත්......



"මීවිතකින් ගත උනුසුම් වූවද සිත උනුසුම් වේදෝ... එපා එපා මීවිත මගෙ දෙතොලට.,එපා එපාමීවිත මගෙ දෙතොලට
  ආපසු මගෙ කුටියට යනව.මා ආපසු යනවා...."

අසා සැනසෙන්න- play

Wednesday, March 27, 2013

පාළුව දෙවනත් කරලා..නාඬන් උල ලේනෝ.....

මේ සින්දුව අහනකොට දැනෙන දේ වචනයෙන් විස්තර කරන්න බෑ.
   මේ සින්දුවෙ ඇත්තම තේරුම මොකක් උනත්,මට මේ ගීතය හරියට  මට කියාගන්න බැරි හිරවෙලා තියෙන මගෙම හැඟීම් වගේ.

මේ ගීතය ගොඩක් දෙන අකමැතියි මහ මූසල සින්දුවක් කියලා.
ඒත් මට නම් මේ ගීතය ඔසුවක් වගේ.

         "කාටත් නපුරු දා තනිකම් ඇති වෙනව,,,,,,,"

ජීවිතේ හැමදේම වරදිද්දි , නපුරු වෙද්දි අපි හැමෝම තනි වෙනව.
මිනිස්සුන්ට හැදෙන ලොකුම ලෙඩේ 'තනිකම' කියනවනෙ.

තනිකම ඒතරමටම දුකක්.හරිම අඳුරු තැනක්. ඒත් ඒ අඳුරෙම් ටිකක් ඇවිද්දොත් ආලෝකයත් හොයගන්න පුලුවන්.

               "සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ,......නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ..."

ඔබ සැම තනි නොවේවා...!

Friday, March 22, 2013

The beginning

To be honest i don't know how to Start this.....
just give Me couple of moments, to breath.