Tuesday, March 6, 2018

මගේ ගිටාරය

මගේ ගිටාරය

මිනිස්සු වගේ වෙනස් වෙන්නෙ, හිත රිද්දන්නෙ නෑ..
මං හිනා වෙනකොට මගෙ ගිටාරය මටත් වඩා හයියෙන් හිනා උනා..

අඩනකොට මටත් වඩා හයියෙන් ඇඩුවා..

කාටවත් කියන්න බැරි, කියල වැඩකුත් නැති දුක, පාලුව තනිකම මං කිව්වා මගේ ගිටාරයට...

අහගෙන හිටියා මිසක් මාව මැන්නෙ නෑ...

ගිටාරයකට ආදරේ කරපන්

ඒක වෙනම ආදරයක්.....

කොන්දේසි විරහිත ආදරයක්.... ❤️

Prabodha Sherman  26/02/2018

Tuesday, January 30, 2018

පාලු අදුරු කුටියක සිට ලියමි...

මොනා ලියන්නද මම...

මුලු විශ්වයම මාත් එක්ක තරහ වෙලා..
කරන හැමදේම වැරදිලා
ආදරය මගෙ ජීව්තයෙන් ඈත් වෙලා..
සතුට පේන තෙක් මානෙකවත් නෑ
හිතේ අමාරුවට බීපු අරක්කු මගෙ ඇඟ ලෙඩ කරලා
දැන් බොන්නත් බෑ
නොබී ඉන්නත් බෑ
බිව්ව කියල හිත හැදෙන්නෙත් නෑ...

දැන් බිව්වට දැනෙන්නෙත් නෑ
දුක තවදුරටත් මට දැනෙන්නෙත් නෑ

මං ජීවත් වෙනව කියල මට දැනෙන්නෙ නෑ

මං මැරිලද...?