දැන් හොඳටම වහිනව.....
බ්ලොග් එකක් ලියන්න හිතුනා...
නිදියන්න තව වෙලත් තියෙනව.ඇඳට ආවම ජනේලෙන් අහස පේනව.වැස්ස පේන්නැති උනත් සද්දෙ ඇහෙනව.
පොඩි කාලෙ ඉඳන්ම ඒ සද්දෙට ම කැමතියි.
",,,මහ වැස්සකපෙර නිමිති පෙනෙනවා. කවුළුව අතරින් හිරිපොද එනව..." මට එක පාරට මතක් උනා. මේ වෙලාවට මට හිතෙනව ජීවිතේ හරිම අව්නිශ්චිතයි නේද කියල.
ඒක මේ වැස්සත් එක්ක වැඩිවෙන හැඟීමක්... අර කවුද කියල තියෙනවනෙ....,
"ජීවිතය යනු කුනාටුව එනතෙක් බලා සිටීම නොව වැස්සේ නැටීමයි.." කියල.
ඒත් නටන්න තරම් හිතක් නෑ මට. හම්ම්.. මගේ සුපුරුදු මිත්‍රයා 'ඇල්කොහොල්' ලඟ හිටියනම්.
නමුත්......
"මීවිතකින් ගත උනුසුම් වූවද සිත උනුසුම් වේදෝ... එපා එපා මීවිත මගෙ දෙතොලට.,එපා එපාමීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනව.මා ආපසු යනවා...."
අසා සැනසෙන්න- play
තනිකම මකාගන්න නොවෙයි ජීවිතේ කෙටි කරගන්න හොද මිත්‍රයෙක් ඇල්කොහොල් කියන්නේ
ReplyDeleteමට අවුරුදු 100 ක් ජීවත් වෙන්න ඕනෙ නෑ වර්ෂා :)
Deleteෆලෝ කරන ගැජට් එක දාන්න, (පරණ එක)
ReplyDeleteඅදහස වටිනවා මිත්‍රයා..ස්වකීය අදහස් නිසා රසය සහ වින්දනාත්මක අලංකාරය දෙන්න විශේෂ උද්දීපනයක් ලැබෙනවා...පුද්ගලිකව මමත් මත්පැනට විරුද්ධ නිසාවෙන් ප්‍රශ්නවලට හෝ තනිකමට විසඳුම ඒක නෙවෙයි කියලා පිලිගන්නවා..අවුරුදු තුනකට වඩා කාලයක් සිංහල බ්ලොග් ලියන්නේ එදා තනිකම නැතිකරගන්න තෝරගත්තු විකල්පය ඒක නිසා..නමුත් සමාජ තන්ත්‍රයේ තිබෙන සිදුවීම් හේතුවෙන් මමත් ලියලා තියෙනවා මීවිත ගැවසුන කතා..සුභ අනාගතයක්...තමන්ට වගේම සමාජෙටත් වටිනා දේවල් ඉදිරියටත් ලියන්න..කවදහරි තමන්ගේ දරුවන්ට උනත් කියවලා තාත්තා ගැන ආඩම්බර වෙන්න පුළුවන් දේවල්
ReplyDeleteමිත්‍රයා බොහොම ස්තූත්ියි දිරිමත් කිරීමට. අනිවාර්‍යයෙන් වැදගත් දෙයක් ඉදිරිපත් කරන්න උත්සහ කරනවා.
Delete