Tuesday, April 9, 2013

ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ...

 ( 2013 අප්‍රේල් 3 සවස 3.47 ට පල කළ මෙම ලිපිය අත්වැරදීමකින් මැකී ගියේය. Google cache එකේ තිබී සොයාගත් මෙය නැවත පළකිරීමකි. )

මම මේ ගීතය ගැන විචාරයක් ලියන්න හදනවා නෙමෙයි. ඒත් මේ ගීය මම කියනදේට සම්බන්දයි.
මේ ගීතය ගැන එක එක දේවල් කිව්වට මට හිතෙන්නෙ මෙයින් කියවෙන්නෙ,මතෲ භාර්‍යාවක් එහෙම නැත්තම් අම්ම කෙනෙක් වගෙ තමන්ට ආදරෙ කරන පෙම්වතියක් ගැන.ගීත රචකයගෙ  හිතේ තිබුනෙත් ඒක වෙන්නැති.
ගොඩක් ගීත වල "මට ඔයා මගෙ පන වගෙ,ඔයාගෙ ආදරේ මහ සාගරේ වගේ,රෝස මලක් වගේ" කියද්දි ඇයි මේ ගීතයෙදි

         "ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ... "

කියල කිව්වෙ? මේ වචනවල තියෙන්නෙ කෙලින්ම සැබෑ ආදරය සෙනෙහස.70 දශකයෙ මිනිස්සු ආදරය දැකපු උතුම් විදිය.
ඇතෙකුට තමාගෙ දළ දෙක ආභරණයක්,ආඩම්බරයක්,ආරක්ෂාවක්.
ඔබේ ප්‍රේමය මට ආඩම්බරයක්,ආරක්ෂාවක්.
එය කොයිතරම් උතුම් සහ විශිෂ්ඨ සංකල්පනාවක්ද.
මේ ගීය පුරාවට තියෙන්නෙ



 ඒ වගෙ පරාර්ථකාමි ආදරයක් ගැන.ඒ වගේ ආදරයක් ලබන්න මනුස්සයෙක් මං හිතන විදිහට පිං කරල තියෙන්න ඕනා. මේ ගීතය අහනකොට තේරුම තේරෙනකොට හිතෙනව අපි ආදරෙ කියල හිතගෙන ඉන්නෙ කොයි තරම් පුහු බොළඳ විදියටද කියල. ගීතයේ අන්තිම මෙන්න මෙහෙම ආදරවන්තයා තමන්ගෙ අම්ම වගෙ ස්නේහයෙන් ඉන්න ආදරවන්තියගෙන් අහනව., ""පෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරනා....? "" ඔබටත් ඒ මෛත්‍රියෙන් පිරුනු සැබෑ ආදරය මුනගැසේවා..!

( මෙම ප්‍රතිචාරය එදින පළවූවකි. )



1 comment:

  1. ඇත්ත 70 දශකයෙයි 80 දශකයෙ මුල් භාගෙයි තමයි ගීත රචකයො සුන්දරම විදියට ආදරය දිහා බැලුවෙ.නමුත් අදටත් නැත්තෙ නෑ.අදටත් ඉදහිට සුන්දර ගීත බිහි වෙනව!!

    ReplyDelete