මේ සින්දුව අහනකොට දැනෙන දේ වචනයෙන් විස්තර කරන්න බෑ.
මේ සින්දුවෙ ඇත්තම තේරුම මොකක් උනත්,මට මේ ගීතය හරියට මට කියාගන්න බැරි හිරවෙලා තියෙන මගෙම හැඟීම් වගේ.
මේ ගීතය ගොඩක් දෙන අකමැතියි මහ මූසල සින්දුවක් කියලා.
ඒත් මට නම් මේ ගීතය ඔසුවක් වගේ.
"කාටත් නපුරු දා තනිකම් ඇති වෙනව,,,,,,,"
ජීවිතේ හැමදේම වරදිද්දි , නපුරු වෙද්දි අපි හැමෝම තනි වෙනව.
මිනිස්සුන්ට හැදෙන ලොකුම ලෙඩේ 'තනිකම' කියනවනෙ.
තනිකම ඒතරමටම දුකක්.හරිම අඳුරු තැනක්. ඒත් ඒ අඳුරෙම් ටිකක් ඇවිද්දොත් ආලෝකයත් හොයගන්න පුලුවන්.
"සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ,......නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ..."
ඔබ සැම තනි නොවේවා...!
හොද ප්රාර්ථනාවක් තනිකම් ඇති නොවේවා කියන එක.නමුත් හැම විටම තනිකම කියන සාධකය මගඇරලා ජීවත් වෙන්නත් බැහැ.මුලු ජීවිතයම තනිකමින් පුරවාගත යුතුත් නැහැ.අලුත් බ්ලොගයට සුබ පැතුම්!
ReplyDeleteඇත්ත... ඒත් සමහර වෙලාවට තනියට ඉන්නෙ තනිකම විතරයි නේද..? :)
Delete